Category: ගීත ඇල්බම්



ඔන්න ඉතින් අයෙත් දවස් කිහිපයකට පස්සේ වැඩ පොඩ්ඩක් අඩු වෙලාවක් බලලා පැල්පතේ අයට විශේෂ යමක් අරගෙන ආවා. ඒ තමයි ඉංග්‍රීසි උපසිරසත් සමග Veer-Zaara(2004) චිත්‍රපටයේ 400mb ටොරන්ට් එක සහ චිත්‍රපටයට ඇතුලත් සියලුම ගීත වල වීඩි‍යෝ දර්ශන. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ වගේ පරණ චිත්‍රපටයක් ඇතුලත් කලේ ඇයි කියල. ඒකට ප්‍රධාන හේතුව වුනේ මේ වනවිටත් ඉතා සාර්ථකව‍ තිරගත වෙන My Name Is Khan චිත්‍රපටය. Rizvan Khan නමැති මුස්ලිම් ජාතික තරුණයෙකුට ඇමෙරිකාවේ දී සිදුවන අසාධාරනයක් ගැන My Name is Khan වලින් පිළිඹිබු වෙනවා. ඒ වගේම හින්දු ජාතික Veer Pratap Singh නම් තරුණයාට පකිස්තානයේ දී සිදුවන අසා‍ධාරණයක් පිළිබදව Veer-Zaara චිත්‍රපටයෙන් කියැවෙනවා…ඉතින් චිත්‍රපට දෙකම මම සැසදීමට උත්සහ කරන්නෙ නැ.නමුත් මම සදහන් කල චරිත දෙකම චිත්‍රපටයේ නිරූප‍නය කරන්නේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් විසින්. 2004 වර්ෂයේ Veer-Zaara චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කල ෂාරුක් ඛාන් හට IIFA Awards, Star Screen Awards, Zee Cine Awards, Bollywood Movie Awards සහ Global Indian Film Awards යන සම්මාන උළෙල වලදී හොදම නළුවාට හිමි සම්මානය පිරිනැමුනා.
චිත්‍රපටයට හිමි වූ සියලු සම්මාන ගැන කතා කරනවනම් ප්‍රධාන වශයෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන 15 නිර්දේශ වූ අතර එයින් Best Dialogue, Best Story, Best Lyricist යන සම්මාන 3 දිනාගනු ලැබුනා. මීට අමතරව ඉන්දියාවේ අනෙකුත් ප්‍රසිද්ධ සම්මාන උළෙල 7 කදී සම්මාන 30 අධික ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වුනා. මෙයිනුත් හොදම නළුවා, හොදම නිලිය, හොදම සහය නිලිය, හොදම සහය නළුවා සහ හොදම අධ්‍යකෂක යන සම්මාන ප්‍රධාන වෙනවා.
ඉතින් මෙතරම් සාර්ථක චිත්‍රපටයක් සදහා දායක වූ පිරිස ගැන පොඩි සටහනත් දාන්නම් කියලා හිතුවා.
සුපුරුදු පරිදි සුපිරි නිර්මාණයක සුපිරි අධ්‍යක්ෂකගේ හිමිකාරීත්වය Yash Chopra හට හිමිවී තිබෙන අතර නිශ්පාදන දායකත්වය Aditya Chopra හා Yash Chopra විසින් දරා තිබෙනවා. කථාව ලියා ඇත්තේ ද Aditya Chopra විසිනි. ඒ ‍‍වගේම සංස්කරණය Ritesh Soni විසින් ද සිනෙමාරූපණය Anil Mehta විසින් ද සංගීතය Madan Mohan හා Sanjeev Kohli විසින් ද මැනවින් ඉටුකර දී ‍තිබෙනවා. ඉතින් මිනිත්තු 191 පුරා දිවයන මෙම චිත්‍රපටය IMDB rank 7.3/10 ම ලබාගෙන තියෙනවා. තවද නිර්මාණය සදහා සම්පූර්ණ වියදම $400,000 පමණ වන අතර මෙම චිත්‍රපටයේ ආදායම $12,938,532 පමණ වන බව සදහන් වෙනවා. ඒ ‍වගේම චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු Yash Raj Films ආයතනය විසින් සිදුකර ඇති අතර 2004 ‍නොවැම්බර් මාසයේ 12වන දින ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙනවා. චිත්‍රපටයේ ඇතුලත් නළු‍ නිලියන් පිළිවෙලින්,
Shahrukh Khan – Veer Pratap Singh ලෙසත්,
Preity Zinta – Zaara Haayat Khanලෙසත්,
Rani Mukerji – Saamiya Siddiqui නම් නිතීඥවරිය ලෙසත්,
Manoj Bajpai – Raza Shirazi ලෙසටත් ප්‍රධාන චරිත සදහා දායකත්වය සපයා තිබෙනවා.
ඉතාම රසමුසු දුක්බර වගේම හැඟුම්බර ආදර කථාවක් ‍සමග අලංකාර ගීත කිහිපයකින් සමන්විත වී ඇති මෙම චිත්‍රපටය තවමත් නැරඹීමට නොහැකි වූ අයට හා නැවතත් නැරඹීමට කැමති අය ඇති නම් පැල්පතෙන් ඒ අවස්ථාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා….

:::::චිත්‍රපටය මෙතනින් බාගන්න:::::

::චිත්‍රපටයේ ගීත(Videos) මෙතනින් බාගන්න::

Aisa Des Hai Mera – Lata Mangeshkar,Udit Narayan,Gurdas Mann & Pritha Majumdar
Aaya Tere Dar Par – Ahmed Hussain & Mohd. Hussain
Do Pal – Lata Mangeshkar & Sonu Nigam
Hum To Bhai Jaise – Lata Mangeshkar
Main Yahan Hoon – Udit Narayan
Yeh Hum Aa – Lata Mangeshkar & Udit Narayan
Tere Liye – Lata Mangeshkar & Roop Kumar Rathod


:::Rab ne Bana Di Jodi:::


ඔන්න එහෙනම් මේ වතාවේ පැල්‍පතෙන් ලැබෙන්නෙ බොලිවුඩ් සිනමාවේ 2008 වර්ශයේ අතිශය ජනප්‍රිය ‍වුන Rab Ne Bana Di Jodi චිත්‍රපටියේ සියලුම ගීතවල Music Videos.ඉතින් රස විදලා ප්‍රතිචාරයක් දෙන්න කියල ඉල්ලා සිටිනවා. ඉතින් මේත් එක්කම මේ චිත්‍රපටය ගැනත් පොඩි විස්තරයක් දෙන්නම් කියලා හිතුවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය හා රචනය කරල තියෙන්නෙ ආධිත්‍ය චොප්රා නම් අති දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින්,ඒ වගේම මෙහි නිශ්පාදන කටයුතු Yash Raj Films ආයතනය විසින් කරල තියෙනවා, චිත්‍රපටයේ කථාව ගොඩක් අමුතු වෙනස්ම නිර්මාණයක් කියල කියන්න පුළුවන් ඒ හේතුව හින්දම සහ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ රංඟනය නිසාම, මෙම චිත්‍රපටිය මෙතරම් ජනප්‍රිය වෙන්න ඇති කියලයි මගේ මතය.ඒ වගේම අමතක කරන්න හොද නැහැ මෙහි Taaniගේ චරිතය නිරූපනය කරන අනුෂ්කා ෂර්මාගේ රංඟනය ගැන, දමිල සිනමාවේ අනුෂ්කාව නිතර දකින්න ලැබුනත් හින්දි සිනමාවට එහෙමත් නැතිනම් බොලිවුඩ් සිනමාවේදී ඇගේ රංඟනය දැකගන්න ලැබුනු ප්‍රථම අවස්ථාව තමයි මේ චිත්‍රපටය. ඉතින් ගොඩක්ම මෙහි කැපීපෙනෙන්නේ අනුෂ්කාගේ හා ෂාරුක් ඛාන්ගේ නර්ථනය.2008 දෙසැම්බර් 12 වැනිදා ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකම තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටය IMDB rank 10න් 6.6ක් ම ලබාගෙන අතිසාර්ථක ලෙස තිරගත වුනා.ඉතින් මිනිත්තු 167 පුරා දිවයන මේ චිත්‍රපටය තරුණ වයසේ බොලිවුඩයට ආදරය කරන සෑම දෙනෙකුම නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලයි පැල්පතේ අපි දෙන්නා‍ගේ අදහස…ඉතින් ඒ ‍වගේම ඔයාලාත් කැමති හින්දි චිත්‍රපටයක වී‍ඩියෝ අවශ්‍යනම් අපේ පැල්පත‍ට ගොඩවැදිලා දැනුම් දීමක් කරන්න කියල මං ඉල්ලා සිටිනවා…

01 Dance Pe Chance
02 Dancing Jodi
03 Haule Haule
04 Haule Haule Music
05 Phir Milenge Chalte Chalte
06 Rnbdj1 Music
07 Rnbdj2 Music
08 Tujh Mein Rab Dikhta Hai
09 Tujh Mein Rab Dikhta Hai 2
10 Tujh Mein Rab Dikhta Hai 3
11 Tujh Mein Rab Dikhta Hai 4 (Slow Fmale)
12 Tujh Mein Rab Dikhta Hai 5 (Last)
13 Tujh Mein Rab Dikhta Hai 5 (Last2)


සෙන්ටිග්‍රේඩ්ස් - රූසිරි



ඔන්න එහෙනම් හා හා පුරා කියලා මං ඉදිරිපත් කරන පලවෙනි ලිපිය.ඉතින් කියවලා බලලා හොදයි නම් බා‍රගෙන ප්‍රතිචාරයක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
මගේ පළවෙනි ලිපියෙන් ලබා දෙන්නෙ මේ දවස්වල ජනප්‍රිය සංගිත කණ්ඩායමක අලුත්ම ගීත එකතුවක්.ඒ තමයි CENTIGRADZ

සංගීත කණ්ඩායමේ රූසිරි කියන ගීත එකතුව.‍ගොඩක් අය දැනටමත් මේක රසවිදලා ඇති කියල මම හිතනවා.ඉතින් අහන්න බැරි වුන අයට මෙන්න අපේ පැල්තෙන් ඒකට අවස්ථාව තියෙනවා.
ඉතින් ගීත‍ එකතුව සහ සංගීත කණ්ඩායම ගැනත් පොඩ්ඩක් කියනවනම්,CENTIGRADZ සංගීත කණ්ඩායම විසින් එලිදක්වපු දෙවන ගීත‍ එකතුව තමයි මේ රූසිරි කියන්නේ.මොවුන්ගේ පළවෙනි ගීත ඇල්බමය එනම් උරුමය නිකුත් කරලා, අවුරුදු 4කට පස්සේ තමයි මෙම ගීත‍ එකතුව එළී දක්වල තියෙන්නෙ. මෙහි ගීත 18 අඩංගු වෙලා තියෙනවා. සිංහල ගීත‍ වගේම මෙහි එක් ද්‍රවිඩ ගීතයකුත් ඇතුලත් වෙලා තියෙනවා. මේ ද්‍රවිඩ ගීතය පැහැසර නුඹෙ ආදරේ කියන සිංහල ගීතයේ තනුවටම අනුව තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ.ඒ වගේම මෙම ගීත‍යේ පද රචනය කරල තියෙන්නේ ජූඩ් ජයප්‍රකාශ් විසිනුයි.
ඉතින් මෙහි තියෙන අනෙක් විශේෂත්වය වෙන්නෙ මෙහි නිශ්පාදන කටයුතු කරල තියෙන්නෙ මැක්රො එන්ටර්ටේන්මන්ට් හා සිනමන් රෙකෝඩ් කියන අලුත්ම අයතන දෙක මගිනුයි. ඉතින් ගීත‍ එකතුව නම් අති සාර්ථකයි…අහලම බලන්න..

:::: මෙතනින් බාගන්න ::::